Friday, December 30, 2016

දෙවියා.





යුවති නස්තාස්‍යා
යහපත් වෙනෙකෙක් රැකබලා ගත්තාය,
නිරුවත් දෙපා දිව ගියේ අයහපත් කාළගුණයේ දී
මහල්ලා වෙත වොඩ්කා රැගෙන ඒමට,

ඇයට විශ්වාසවන්ත වූයේය දෙවියා ළකල්
ගැබ තුල, හිරු කිරණින් පෙඟුනු,
හුරුබුහුටි, සාධාරණ,
රනින් නිමැවුනු පැරණි වස්ත්‍රය ඇඳි.

නමුත් බේබදු ඉක්කාව මැද,
අතරෙහි සියළු ආළාමුළාවන්
කළුවූ සුරුවම් දෙකක්
ප්‍රිය නොවීය ඔහුට.

ඒ පසුපස හදිස්සියේම විකසිත විය චිකරි මල්,
ප්‍රමුදිත වූයේය මුතු,
විසිර ගියේය, පල්ලියේ ගීතිකා සේ,
සරල නාමය මනාලයාගේ.

ඔහු එක්වරම වැඩුනේය වැට අද්දර,
රැගෙන ගියේය ඇයට කසාවන් පදක්කම
එතරම් යසට දෙවියා පසු පස ගියේය
තම තරුණ මහිමයෙන්.

හදවතේ ශුද්ධත්ත්වයෙන් ශුද්ධත්ත්වය ඇති වූයේ
ගිගුම්දෙන ඒ එකෝඩියනයෙන්
මුද්‍රිකපානයෙන්, ශ්‍රවණ මාධුර්්‍යය ගලපන්නාගෙන්
හා නිල් කමිසයෙන්.

ඔහු කලින්ම රැවටිලිකාර බැල්මක් හෙළුවේය,
ගෑස් ලේන්සුව ඉවත්කර
අසල්වාසියාගේ අටුව
ඇයගේ අඩපණ දෙඋරට ඉවත්කලේය....
  
නාස්ත්‍යා හිස පීරුවාය,
දෙකොණින් ගවුම ගත්තාය,
නාස්ත්‍යා ගැයුවාය, කියෙව්වාය,
දෑත් මුහුණ මත තබාගත්තාය.

“ අහ්, කුමක්ද මා හට නුඹ සිදු කලේ,
කුමණ විපතක්ද මැව්වේ!
කුමකටද නුඹ පසුගිය ඉරුදින
මට ධවළ රෝස මල් තෑගි කළේ?

ආහ්, විලෝ ගස, විලෝ ගස, මගේ විලෝ ගස,
හේබාන්නේ නැත නුඹ, විලෝ ගස, ඩිංගක් ඉන්න!
කොතැනක වන්නේද මගේ විශ්වාසය -
කුරුසිය ළැම මත නතරවූයේය.“

හිරිපොද අවුරැල්ල වෙනස් කලේය,
කිසිවක් සිදුවූයේ නැත,
දෙවියා යුවතියට සිනාසුනේය,
සියල්ල ඔහුගේ නොවීය.


බෙල්ලා අහ්මාදුලීනා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment