Thursday, December 1, 2016

සැප්තැම්බර් 22.





මට නැවුම් දවසක් -
        නව පුද්ගලයෙකු සේ,
අන්‍ය චරිතයකින්, වෙනත් ඉරණමක් වෙත.
ඔහු පිටවී ගියේය කලින්.
        ගිරි,සාගර හා ගංගා
අවහිරය ඔහු තමා ඉදිරියේම දුටුවේය.

සිටින්නේය මිනිසුන් - උත්සව, හිමිදිරියේ සිට
එතරම් සැහැල්ලුවක් ජීවිතයේ හා සොබාදහමේ,
විකසිතවන්නෝය කුමුදු, සිනාසෙන්නෝය ළදරුවන් ....
ඔවුන් බොහෝ කල් ජීවත්වන්නෝය, ඔවුන් ඇසිල්ලක් සේ අසලින් යන්නෝය.

මම කැමතිය ජීවත්වීමට, ඒ දින සේ,
එකල හිරු අසාර කාලගුණය සමග ආරෝවකය,
අවසාන පත්‍ර සැලෙන සේයාවකයය,
තැතිගන්වන ගන්ධය උත්තර සයුරේ;

ඒ තුල ඉතා ඩිංගක් නිහැඩියාව
හා එඩි ඇත්තවුන් වෙනස් වීමට ඉඩ හරින්නේය.
ඔවුන් තුල සියළු ගැටළු විසඳී ඇත,
සියළු තීරණ වෙනස් නොවන්නේය.

ගින්නෙන් දැවෙන්නට වන්නේය පත්‍ර,
හිරු එළිය කැටිගැසෙන්නේය මංකඩවල් මත.
ජනයා මා පිළිබඳ සිහිකරන්නේය,
කදාමිණි හා පාරදෘශ්‍ය දින පිළිබඳ මෙන්,
ඒ දින ඩිංගක් කුල්මත් විය.

නුඹට තේරුම්ගන්නේය:
        ජ්වලිතය නුඹේ අභිලාෂය,
ආදරය මා වෙත උත්තේජක හා හිතුවක්කාරය.
ජයගන්නේය ජාතික හමුදාව
දුෂ්කර කඳු සියේරා - ග්වාදාර්රාමා.

තවත් කුමක්ද?
        කාලය!
ජනයා මත
තමාගේ හා ශක්තිමත් ඇති තරම් විමසා බලන්නේය
මිය යන්නේය, ඒ දින වියැකුනා සේ,
නොමැතිව හදිස්සියක්,
        ගරුගාම්භීරව
හා හුදෙක්.

1936.
අලිගෙර් මර්ගරීතා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

6 comments:

  1. පහුගිය ටිකේ තිබුණු නිර්මාණවලට වඩා මේකෙ වෙනසක් දැනෙනවා. කලින් ඒවා මීට වඩා සරළ වුණාදෝ කියලත් හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ සෝවියට් යුගයේ කවියක්.

      Delete