Sunday, December 18, 2016

සිහින පිළිබඳ හෑල්ල.



ජර්මනියේ එපිටහ පළාතේ
වියැකී ගොස් ඇත මහ සටන.
ඇවිද යන්නේය දැවුනු ඉපනැල්ලේ
සොල්දාදුවා උත්තම.
වැතිර සිටින්නේය, සේ ගොරොක් කඳක්,
දැවෙන උණුසුමේ.
මිහිකත කෙඩෙත්තු විය. ඇයට දිගුකලක්
විවේක ගන්නට දැනටමත් කාලය එළඹ ඇත.

ගංඉවුරේ හා
මිහිකත අද්දර
වකුටු වූයේය සොල්දාදුවා. මකුළුවෝ
සැඟව ගියෝය ධූලි තුළ.
පසෙක තැබීය අවසාන සැතපුම,
සොල්දාදුවාට තවත් මගක්,
එකල්හී විඩාපත් සිහින
ඇන තියාගත්තේය වීවේක ගැනීමට,

ඔහු දුටුවේය, සිහිනයෙන් සේ,
එබඳු ලාලිත්‍යයක්,
කුමක්ද, කවරෙක්ද යුද්ධයට නොගියේ,
සදහටම නොපෙනෙන්න.
ඔහු දොරටුව අද්දර. ඔහු මෙහි. කාලය පැමිණ ඇත.
ඇතුල් වූයේය උණුසුම් නොවෙමින්.
සියළු බාලකයෝ මිදුලෙන් එහා
පලායන්නෝය හමුවීමට.

මිතුරෝ කෑගසන්නෝය ඔහුට: ආයුබෝවන්!
කවුළු වලින් අත වනන්නෝය.
බලන්නෝය ධූවිළි වැකුණු පිස්තෝලය දෙස,
බලන්නෝය පදක්කම් දෙස,
පසුව ඔහු සිපගන්නේය
බිරිඳව, පියාව හා මවව,
ඔහු මංගල දිනය සැමරීමට
හා දින තුනක් නිදාගැනීමට උත්සුක වන්නේය.

පසුව ඔහු පිරිසිඳු කරන්නේය කෙත
යුද්ධයේ කුණු කසළ වලින්.
කෙත, ධූළි කරත්තයෙන්,
ඒ පිළිබඳ අමතක කල යුත්තේමය.
වර්ෂය පුරාම හිරු තබන්නේය
කාන්තිමත්ව තුසිතයේ,
තුසර දියවන්නේය සාංකාවෙන්
පැරණි ධ්‍රැව මත.

සදහටම නතර කිරීමට යුද්ධය
කාලය වන්නේය,
ඔහු පෘථිවි ගෝලය ඔසවා තබන්නේය
එපිටහාට හා පුළුල්ව.
සිහිකරන්නේය ඔහු, සිහින දුටුවා සේ
මෙහි, ආගන්තුක ගඟ මත,
ඔහු යුධ තුනක පළපුරුදු ඇත්තෙකු සේය
බුද්ධිය විසංවාදීය.

මිහායිල් අන්චාරෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

3 comments: