Saturday, December 31, 2016

ආදරය.




 බියකරුය ඇයව අනුමාන කිරීම තවමත් නුපුරුදු සිනහවෙන්.

ඒ සර්පයාගේ, දරණෙ ගැසූනු,
ඔහුගේ හදවත වශී කරන්නේය,
ඒ මුළු දිනයේදිම පරවියා
ධවළ කවුළුව මත සිට කූජනය කරන්නේය,

මල් තුහින තුල ප්‍රභාවත්ව බබලන්නේය,
පෙලහර පාන්නේය අඩනින්දෙ සුවඳැති මල්.....
විශ්වසනීයව හා රහසිගතව හසුරවන්නේය
අහ්ලාදයෙන් හා ශාන්තියෙන්.

හැකිවන්නේය හැඬීමට එතරම් කන්කලුව
අයදීමේ ප්‍රාර්ථනය වීණාවේ,
බියකරුය ඇයව අනුමාන කිරීම
තවමත් නුපුරුදු සිනහවෙන්.

ආන්නා අහ්මාතවා.
1911 නොවැම්බර් 24,
ත්සාර්කොයේ සිලෝ.( ත්සාර්ගේ ගම්මානයේ)
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment