Friday, June 24, 2016



ආදරය.

මෙපමණ, ආදරයක ඇත තුටු පඬුරු පාරිශුද්ධ,
අපගේ ජීවිතයේ සංතෘප්තකරු ,
අපගේ කනස්සලු සුවකරන්නා,
නොවෙනස් හා භද්‍ර!..
එහෙත් මිතුර, අවාසනාවන්තය දියතේ
ඒ, කවරෙකුට සර්වබළධාරී දෛවය
තුරුණු කල සුන්දර වර්ණ තුල
දොම්නස් චිරස්ථිත පාඩමකි:
කුමක්ද අපේක්ෂාව - ආකර්ෂණීය,
කුමක්ද ආදරය - බොල් පැනවුම,
කුමක්ද අහිංසකත්වය - වලංගුබව,
ඒ අකලංක සන්තෘෂ්ටිය - සිහිනයක් පමණී!..

ඉවාන් පෙත්රෝවිච් බෝරස්ද්නා.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. ඔබේ පරිවර්තන කියවන්න මම නිතරම එන්නේ එකේ මොකක්දෝ වෙනස් රහක් මට දැනෙන නිසා.

    එක මොකක්ද කියන්න තරම් මම සාහිත්‍ය ගැන දන්නේ නැති වුනත් ඒ රසයට මම ගොඩක් ආසයි.

    ඒ රස බොහොම ලස්සනට ඔබ ලබා දෙනවා.

    අති විශිෂ්ඨයි

    ReplyDelete
  2. ඔබට දැනෙන ඒ රසය බහුතර රුසියානු හා සෝවියට් කවියන්ගේ අනන්‍යතාවයයි. එම රසය මතුවන්නේ ඔවුන් රුසියානු භාෂාව හසුරුවන ආකාරයටයි. මාගේ උත්සහය ඔවුන් විසින් උද්දීපනය කරන එම රසය ඔබ වෙත ලඟාකිරීමටයි.
    ඔබගේ ඇගයීමට ස්තූතියි.
    මා මෙහි පරිවර්ථනය කරන සෑම කවියක්ම පාහේ මීට පෙර පරිවර්ථනය වී නැත.

    ReplyDelete