Thursday, January 12, 2017

නමුදු අපේ නගරයට අරුණළු වැටෙනවා.





පැද්දෙන්නේය යන්තමට මේපල් පර්ණ.


නමුදු නගරයට අපේ අරුණළු වැටෙනවා.
නුඹ ආදරය කළාය එබඳු කාලයක.
හීන හිමිදිරියේ අහසට පාවී යති.
කෙසේ වුවත් කඩිනම්න් ඒවා අමතක කරන්නෝය.

පැද්දෙන්නේය යන්තමට මේපල් පර්ණ,
දෙහි එල්ලෙන්නේය නිවස්න මතින්.
ව්‍යාකූල විස්මිත හා
කුඩා දුම් නැව මොරදෙන්නේය මීදුමේ.

නුඹේ පියා, ගරාදි වැටේ කිරා වැටෙන
හා පසුව, හිමිදිරියේ අවදිවන,
වෙව්ලා හැකිලෙන, දෙඋර සොළවමින්,
රැගෙන එමින් යහන, නැවත නින්දට යන්නේය.

ප්‍රත්‍යක්ෂ ඒ සියල්ල සුදුමැළි නබෝගැබ යටය
පියසි, ප්‍රාවර, පදික වේදිකා.
හා වෑන්රියේ රියදුරු තිරිඟු සමගින්
අවසානයේදී පහන් නිවාදැමුවේය.

..... නමුදු නගරයට අපේ අරුණළු වැටෙනවා,
උද්‍යාන ඔස්සේ හා එකිනෙකා සමග සමානව,
පැතිර යති හා නැවත දියවෙයි
ස්වර හා පා සටහන් මගහැර ගිය.

හිරු එබී බැළුවේය, පැහැදිළිව පෙනෙන්ට විය,
කෙසේ පියමනින්නේද නිදන ගොඩනැගිලි ඔස්සේ, -
කවරෙක්ද වෙනස සමගින් - යයි කෙඩෙත්තුවෙන්,
හා කඩිමුඩියේ යයි - කවරෙක් රාත්‍රීයේ හමුවට.

මංපෙත් දැනටමත් දූවිලි එකතුවූ
හා කම්හල් නළා හඬ අහසට විසිර යයි.
නගරයේ ජීවත්කර වන්නාක් සේ නුඹව?
..... නමුදු නගරයට අපේ අරුණළු වැටෙනවා.

1955.
කන්ස්තන්තීන් වන්ෂෙන්කින්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.


2 comments:

  1. සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතය

    http://transyl2014.blogspot.ca/2017/01/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මේ දිනවල මම පරිවර්ථනය කරන්නේ සෝවියට් යුගයේ කවි.

      Delete