Thursday, January 19, 2017

ශිකර වැස්ස.





ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා,
වසන්තයක් නැතිවා සේ, හා ගිම්හානය.
කුමක්දෝ ලිස්සායන සුළු යමක් ඇඳගත් මිහිකත,
ජනයා වැටෙන, සටන් කරන්නේය තුසර මත,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා.....

මිහිකත වටා පියාසර කරන්නේ නම්,
දෙපයින් ස්පර්ශ නොකර මිහිතක,
එකෙක් හා තවෙකෙක් වැටෙන්නේය,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
හා පාගා දමති ඔහුගේ සපත්තු වලින්.

ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා,
වසන්තයක් නැතිවා සේ, හා ගිම්හානය.
කුමක්දෝ ලිස්සායන සුළු යමක් ඇඳගත් මිහිකත,
ජනයා වැටෙන, සටන් කරන්නේය තුසර මත,
ශිකර වැස්ස මිහිමත, ශිකර වැස්ස,
වසර පුරා අතෝරයක් නැතිව, වසර පුරා.....

1966.
ව්ලාදිමීර් විසෝත්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

4 comments:

  1. රුසියානි සාහිත ලැදි වුන්ට වටින වැඩක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. රස්තියාදුකාරයා

      Delete
  2. මේ බ්ලොග් එක බොහොම වටිනවා මට නං

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි කියලා ලියනවනම් ඔබට පිං.

      Delete