Thursday, January 5, 2017

වෙල්ලවැහුම





සෑම තැනම පව්ලීක් වෙතට බුහුමන් කරන්නේය:
පව්ලීක් වෙල්ලවැහුම් පුළුස්සන්නේය.

ඔහු පාසැලේ දී සංවාදය මෙහෙය වීය
පැවසූවේය, අභ්‍යාස පොත විවර කරමින්,
කොපමණ සෝඩියම්, කොපමණ ලුණු,
කොපමණ තෙල් අවැසිද.

සනාථ කලේය, තෙල් වෙනුවට
මාගරින් ගැනීමට හැක.

තීරණය විය ඒකමතිකව:
ඔහු කදිමට කතා කළේය.
කව්ද එබඳු කතාවක් කළේ,
වෙල්ලවැහුම් පුච්චන්න සමත්!

එහෙත්,සහෝදරයිනි, කඩිනම් වන්න
නිවස මුදාගැනීමට අවශ්‍යය කඩිනමින්!
කොතැනද නුඹලාගේ ගිනි නිවනය?
දුම දොර යටින් ගලාඑන්නේය!

අසල්වැසියන් කතා කරති:
ඒ වෙල්ලවැහුම් පිළිස්සෙන්නේය!

ඔහ්, කටයුත්තට පැමිණිය දා,
ලැජ්ජාවට පත්වූයේය අපේ වීරයා
වෙල්ලවැහුම් නමයක් පිච්චුනි,
දහයක් අමු විය!

කතාව කිරීමට අපහසු නොවේ,
වෙල්ලවැහුම් පිළිස්සීම අසීරුය!

අග්නයා බර්තෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. වෙල්ලවැහුම් ගැන නොවෙයි වගේ නිසඳස

    ReplyDelete