Monday, April 24, 2017

මම දෙනෙත් තුල ඔබගේ කිමිදෙමි.






මම දෙනෙත් තුල ඔබගේ කිමිදෙමි. ඉඩ දෙනවද ?
සැබවින්ම දෙනෙත් තුල ඔබගේ කිමිදීම - වාසනාවකි.
පැමිණෙමි හා පවසමි : “ ආයුබෝවන් ,
මම ප්‍රේම කරමි ඔබට “. එය ආකූලය .....
නැහැ, ආකූල නැත, එනමුදු දුෂ්කරය
ඉතා දුෂ්කරය ප්‍රේම කිරීම, ඔබ අදහනවාද ?
පැමිණෙමි මම ප්‍රපාතයේ අද්දර වෙතට
රිසිවෙමි වැටීමට, අල්ලා ගැනිමට හැකිද ඔබට ?
හොඳයි මම යන්නේ නම් - ඔබ ලියනවද ?
මම කැමතියි ඔබ සමග සිටීමට දිගු කලක්
ඉතා දිගු කලක් ....
මුළු ජීවිතයම, ඔබ තේරුම් ගන්නේද ?
මම පිළිතුරුට බයයි, ඔබ දන්නවද ?
ඔබ පිළිතුරු දෙන්න මට, නිහඬව පමණක්,
ඔබ දෑසින් පිළිතුරු දෙන්න, ආදරේද ?
එකඟ නම්, එදාට පොරොන්දු වෙමි
ඔබ ඉතාමත් වාසනාවන්ත වන්නේ ය,
එකඟ නොවේ නම්, අයදිමි ඔබගෙන්
ඔබගේ බැල්මෙන් නොරවටන්න,
ආකර්ෂණය කර නොගන්න ඔබගේ බැල්මෙන් පොකුණ තුලට
ඉඩ හරින්නම් ඔබට වෙනෙකෙකුට ආදරය කරන්න, හොඳයි...
මාව ඩිංගක්වත් ඔබ සිහිකරනවද ?
මම ආදරය කරමි ඔබට, කමක් නැද්ද ?
අසම්භාව්‍ය වුවත් ආදරය කරමි!
සැමදා එමි මම මෙහෙයට
දුෂ්කර වන්නේ නම් ඔබට!

එදුවාර්ද් අසාදෆ්.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු. 

No comments:

Post a Comment