Saturday, April 22, 2017

තිසරා.




ආර නින්දේ ය. නිසොල්මන් ය කැඩපත් සිලිල.
එහි දී පමණක්, බටපන් කිරා වැටෙන්නේ ය,
කාගේ දෝ ගීතයක් ඇසෙයි, ශෝචනීය,
ආත්මයේ අවසාන සුසුම සේ.

හඬන්නේ ය මියැදෙන ඒ තිසරා,
ඔහු තම අතීතයත් සමගින් කතා කළේ ය,
නබෝ ගැබේ විඩාබර සැදෑව
දැවේන්නේ ය හා නොදැවෙන්නේ ය.

කුමකින් ද එතරම්ම ශෝචනීය ඒ ආඩපළි ?
කුමකින් ද එතරම්ම ඒ ළමැදට පහර දෙන්නේ ?
ඒ මෙහොතේම ආත්මය තිසරාගේ පැතුවා විය හැක
වෙනස් කළ නොහැකි පෙරළා ඒම.

සියල්ලට ම, වඩා ජීවත් විය සාංකාව සමගින්
සහමුලින් ම, කුමක් නිසාද ආදරය ඉවත දැමුණේ,
කඩිනමින් සිහිනය ලිස්සා ගියේ ය,
කෙදිනකවත් නැවතත් බබළන්නේ නැත.
සියල්ල, කුමක් මත මුද්‍රණය කරන්නේ ද පිළිසකර කළ නොහැකි,
ඕදාත තිසරා ඒ ගීතය කාන්දු කළේ ය,
නියත ව ඔහු විලෙන් ස්වෙච්ඡාවෙන්
ක්ෂමාව අරභයා ආයාචනා කළේ ය.

දිදුලුන්නේ ද කවදා තාරුකා ඈතින් පිහිටි,
මීදුම කවදා නැගී සිටින්නේ ද පාළුකරයේ දී,
තිසරා ගැයුවේ ය සියල්ල නිහඬව, සියල්ල දුක සේ,
මුමුනන ලදී බටපන්.

අප්‍රාණික ඔහු ගැයුවේ ය, මියැදෙන,
ඒ නිසාවෙන් ඔහු ගැයුවේ ය අවසාන හෝරාව තුළ,
මරණය ඉදිරියේ, සදාතනික, සංසන්දනීය,
දැක්කේ ය සත්‍ය ප්‍රථම වතාවට.

1895.
කන්ස්තන්තීන් බල්මොන්ත්,
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment