සැදෑ නැවතුම්පොළ.
කසාවන් අරුණොදය ...
තෙත් වේදිකාව මත
ගියෙමි මම නිස්කාරණේ.
කිසිවෙකු මම මුණගැසුනේ නැත,
කිසිවෙකු, කිසිවෙකු.
වඩාත් හොඳම සහෝදරයාව,
මගේ මිතුරාව ....
කොතැනකටවත් නොයමි මම
කොතැනකටවත්, කොතැනකටවත්....
බබළන්නේ නැත මට මැදියමේ
ආගන්තුක නගර.
අහඹු චන්ද්‍රිකාව
මට ලබාගැනීමට නොහැකි
විය,
සැහැල්ලු, නිවාස අහිමි
හද විවෘත කරන්නේ නැත.
ගොම්මනේ රැස්වූහ,
කන් කෙඳිරි ගාන තන්තු.
නීල ගරාදිය මතින්
පායා ආවේ ය තාරුකාව.
මෑත වරුසාවෙන්
සුවඳ හමන්නේ ය නගරයෙන්.
කුඩා මැඩියන්
පනිති පතුල් යටින්.
1935.
ඔල්ගා බෙර්ග්ගෝල්ත්ස්.
රුසියන් බසින් සිංහල
බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment