මාළිගාවේ බාල් නැටුමක් විය තුස්නා,
සංගීතඥයෝ ගැයුවෝ ය.
මදනළ උයනේ සසල විය
සැහැල්ලු ඔවිල්ලේ.
මාළිගාවේ, මිහිරි උමතුවෙන්,
ගැයුවේ ය, ගැයුවේ ය වයලීනය.
උයනේ වූ පොකුණේ
රන් මාළුවෙක් විය.
කරකැවුනෝ ය සඳ කැන් යට,
ටක්කෙටම කැටයම් කළ,
මත් වූ වසන්තයේ,
රෑ සමනළයෝ.
පොකුණ සසල කළේ තාරුකාවක්,
වකුටු විය නැමෙන සුළු තණ,
හා බැබළුනේ ය ඒ පොකුණේ
රන් මාළුවෙක්.
එනමුදු නොදැක්කෝ ය මාළුවාව
සංගීතඥයෝ බාලේ,
මාළුවා වෙතින්, සමනළයා වෙතින්,
සංගීතය නද දුණි.
නැවතත් වයලිනය නද දෙන්නට විය,
ගීත රුව්දුන්නෝ ය.
හදවත් තුළ ආදරය මිමිනුවේ ය,
වසන්තය සිනාසෙයි.
දෙනෙතින් දෙනෙතට කොඳුරන්නේ ය : “ මම බලාගෙන
ඉන්නවා“
එතරම්ම බැබළිමෙන් හා චංචලව,
ඒ පොකුණේ
රන් මාළුවා.
1903.
කන්ස්තන්තීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
No comments:
Post a Comment