Saturday, April 29, 2017

කැරකොප්පුවේ රාත්‍රියක්.




නීච කැරකොප්පු උයන
හා හරිත ගොඩැලි.
සිහිවටන මතින් සලිත වන්නේ ය,
පළුදු වන්නේ ය ගින්නේ.

වන ලැහැබ මතින් රුක් අතරින්,
වැළපෙන ගිගිරි වලින්,
දෙවොල නිමල වන්නේ ය, හිරිවට්ටමින්
රාත්‍රියේ කපාදමන ලද කුරුසියෙන්.

රිදී පොප්ලර් රුක්
පැද්දෙන්නට විය වැටෙන් එහා,
බොඳවෙමින් කෙතේ
සාර පත්‍ර හැළෙයි.

සැලෙන රිදිපාට තුල
අනුත්තර පහළ වීමක්
පියාසරන වවුල්ලු,
ඔවුන්ගේ දුක්මුදු හඬ,

මගේ හදවත නිසොල්මන්ය,
පිලිස්සුනු මධ්‍යහ්න ගිනියමින්,
නුඹ නිමග්නවන්නේ ය සොබාදහම තුල,
සීතල අභාවය තුල.


1908 අප්‍රේල් මස,
මොස්කව්.
අන්ද්‍රේයි බියෙලි.
රුසියන් බසින් සිංහල බසට.

ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments: