Wednesday, April 26, 2017

හිස් නිවස තුල.




මගේ යතුරෙන් දොර අගුළු ඇරියෙමි.
සිටිමි හිස් නිවස තුල.
නැත, මම කොහෙත්ම නැත කලබල,
මම හිස් නිවස තුල.

ස්තූතියි ඒ යතුරට !
මට හැක්කේය කිරීමට, කුමක් හෝ මා කැමති,
මම නිවසතුල තනිවමයි,
තනිවම හිස් නිවස තුල.

ස්තූතියි ඒ යතුරට !
දැන් මම රේඩියෝව ක්‍රියාත්මක කළෙමි,
මම සියළු ගායකයින්ට කෑ මොර දුන්නෙමි !

පුළුවනි උරුහන් බෑම, තට්ටු කරන්න දොරට,
කිසිවෙක් නොකියනු ඇත : “ශබ්ද නොකරන්න!“
කිසිවෙක් නොකියනු ඇත : “උරුහන් නොබාන්න!“
සියළුදෙනා රස්සාවේ පහ වෙනකන්!

ස්තූතියි ඒ යතුරට ...
එනමුත් ඇයි මම නිහඬ,
මම කිසිවක් කිරීමට නොකැමැත්තෙමි
තනියම හිස් නිවස තුල.

1968.
අග්නියා බර්තෝ.
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment