Friday, May 6, 2016

ධවල රාත්‍රියේදී




ආහෝ දොරගුළු නොලෑවෙමී,
ඉටිපහන නොදැල්වූයෙමි.
නොදනී නුඹ මට කොතෙක් කෙඩෙත්තු කියා.
මම තීරණය නොකලෙමි හාන්සිවෙන්න.

බලව් කෙබඳුද අදුරු වයිරම.
ගොම්මනේ තුරු ලතා,
මත්වූවෙකුගේ හඬක් මතුවිය.
නුඹේ හඬට සරි.

හැඟෙනවා සියල්ල ගිලිහුණු බව,
ජීවිතය - ශාපලත් නිරයකී.
ඕහ්, මම විශ්වාසයෙන් සිටියෙමි,
නුඹ ආපසු එන බව.


ආන්නා අහ්මාතවා.
1911 පෙබරවාරී 06,
රාජ ගම්මානයේදී ( ත්සාර්ස්කොයේ සෙලෝ )
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු,
2015 සැප්තැම්බර් 30.

No comments:

Post a Comment