Wednesday, May 4, 2016

අහ්ලාදය



ප්‍රීති, ප්‍රීති, ප්‍රිතී
          ප්‍රභාමත් මුර්ජ ( බර්ච් ගස ),
ඔවුන් මත අහ්ලාදයෙන්
          හටගත්තේය සෙව්වන්දි.

ප්‍රීති, ප්‍රීති, ප්‍රීති
          අදුරු පොප්ලර,
ඔවුන් මත අහ්ලාදයෙන්
          වැවෙන්නේය පැණිදොඩම්.

ඒ නොවේ වර්ෂාව වළාකුළෙන් ඇද හැළුන
          හා නොවේ අයිස් වැස්සක්,
ඒ කඩා හැළෙන්නේ වළාකුළෙන්
          මුද්‍රික ඵලය.

හා කපුටන් වෙල් මත
අනපේක්ෂිතව ගී ගයන්නට විය රෑ කොවුලන්.

හා ඇල, දොල මිහි තුලින්
මධුරවන් මී පැණියෙන් ගලා ගියෝය.

කුකුළු පැටව් මිහිමතට ඒමට විය,
මුඩු රැළි වලින් යුත්.

ඇඹරුම් හල පවා - ඒ හා
රඟ දුන්නේය පාලම අසල.
එසේ පළායන්න ඔබ, මා උදෙසා
මත නිල්ල දෙනියේ,
කොතැනද නිල්වන් නදී මත,
පායා දිළෙන දේදුන්න - චාපය.

අපි දේදුන්න මත
          හතර - ගා- තේ - යන්නේමි,
කෙළින්නේමු වළාකුළු තුල
හා එහි සිට පහලට දේදුන්න දිගේ,
රූටනය මත, ලිස්සනය මත!

කර්නේයි චුකෝව්ස්කි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

14 comments:

  1. Replies
    1. තුති. නිතර ඔබගේ මග පෙන්වීම අපේක්ෂා කරමි.

      Delete
  2. ප්‍රීති, ප්‍රීති, ප්‍රිතී!!!!!!
    ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. තුති. නිතර ඔබගේ මග පෙන්වීම අපේක්ෂා කරමි.

      Delete
  3. නියමයි , මමත් ඉඳ හිට රුසියානු කවියක් දෙකක පරිවර්තනය කරනවා. එන්නේ ඒ පැත්තෙත්.

    ReplyDelete
    Replies
    1. ෆීලික්ස් මේකේ වොඩ්කා බිබී බ්ලොග්ස් ලියන රුසියන් කාරයෝ කීප දෙනෙක් ඉන්නවා. රවුමක් ගහලා බලන්න. එකෙක් ඔය කොළඹ ගමයා...තව Transylvania , අනිත් කොන...වගේ ඒවා.

      Delete
    2. думаю мы колегй.
      ඔබට තුති.

      Delete
  4. එළකිරි! ලින්ක් එක share කරපු Upul Fernando ටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. තුති. නිතර ඔබගේ මග පෙන්වීම අපේක්ෂා කරමි.

      Delete
  5. අලුතෙන් තමා ආවේ .... කස්ටිය ම පාර පෙන්නුවා... සින්ඩියටත් දා ගත්තා... ජය

    ReplyDelete
    Replies
    1. තුති. නිතර ඔබගේ මග පෙන්වීම අපේක්ෂා කරමි.

      Delete
  6. ෆීලික්ස් මුද්‍රික ළුලය ද මුද්‍රික ඵලය ද
    අපූරුයි පරිවර්තනය
    ආයෙ ආයෙත් එන්නං

    ReplyDelete
    Replies
    1. මහේෂි ඔබ නිවැරදියි. එය මුද්‍රික ඵලය වේ.

      Delete