Saturday, May 7, 2016

දෙවඟන හා ගායකයා



ප්‍රේමණීය ගායකයා දේවතාවියට ගැයුවේය,
උකටලී හඬ ඔහුගේ, රැව්පිළි රැව් දුනී.
ගීතයට යොමමින් දෙසවන්, දෙවඟන නික්ම ගියාය.
රුසිරු සරා මදහසින්.

සැම වසඟ කල ගායකයාගේ,
ලාලසී තුරුණු දේවත්වයක් වන් දේහය,
සන්තෘෂ්ටියෙන් හතිළමින්,
පුපුරු ගසන උල් දැති වසමින්,
දෙවඟන ගායකයාට තෙපළාය.

නොබලනු උකටලී, මාගේ ගායකයාණෙනී,
දුකින් පිරුණු, මම කෙදිනක හෝ නැවත එමි,
ඔබේ තනිකඩ ලැගුම් හලට.
ඔලිම්පස් මත මා නොහමුවීම,
කවර ශෝකාන්තයක්ද?
උන්මාද සරාගී ඔබගේ රුසිරු මට අගනේය.

1870 වසරේදී,
ඒ.එන්. අපුහ්තින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment