Wednesday, May 25, 2016

ලිහිණියා.

ලිහිණියා, පැසුළු ලිහිණියා සෝචනීය මොරගැසීමකින් හෙම්බත්ව
    ඇල් මුහුදු ආගාධය මතින්.
හා කොතැනින් දඩිබිඩියේ පැමිණියේද?කුමක් සඳහාද? කිමෙක්ද ඇය ආඩාපාළි
මෙලෙස සුපුන් අපරිමිත ශෝකයෙන්ද?

තෙරක් නොමැති දුර - සමාචාර නොවන නැබ රැව්වේය.
    පැද්දෙන්න පටන් ගැන්නේය පෙන පැසුළු රළ මස්තයේ.
වැළපෙන්නේය උත්තර පවන, හා ලිහිණියා වැළපෙන්නේය, උන්මත්තක,
    ලැගුම් අහිමි ලිහිණියා දුරු රට සිට.


1894.
කන්ස්තන්තීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment