Friday, May 6, 2016

තනිකම





කවුළු තෙත්බර වූයේය.
ද්වාරය මත සුපුන් සඳය.
හා නුඹ සිටින්නේය අරමුණු රහිතව
කවුළුව අසල.

සුළඟ. ජනිතවන්නේය, වාදකරමින්,
පැසුනු බර්ච්ගස් සමූහයකින්
බොහෝ තැවුල් පැවතුනේය......
බොහෝ කඳුළු......

හා ඔසවන්නේය නිතැතින්ම
නීරස දුක්ඛදායි වසර සමූහයක්.
හදවත කකියන්නේය, කකියන්නේය........
මම තනියම.

1900 දෙසැම්බර්.
අන්ද්‍රේයි බියෙලි.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment