Tuesday, May 3, 2016

නෑඹුල් හිම පියල්ල



රිදී, ගිනිදැල් හා දිස්නය,-
          මුළු දියතම රිදියෙන්!
මුතු ඇට තුල දැවෙන්නේය මුර්ජ,
          කාළ - නිරුවත් පෙරදා.

මෙම - දිගන යමෙකුගේ දවල් හීන,
          මෙම - භූතයෝ හා සිහින!
සියළුම දෑ ආදී ගද්‍ය වේ
          ඉන්ද්‍රජාලයන්ගෙන් ප්‍රදීප්තය.

සමූහය, දෙපා ගමනින්,
          නිල්ල මත සුදු දුමාරයයි.
මිනිස් ජීවිතය හා සෝබාදහමේ ජිවිතය
          නැවුම් පිරිපුන් හා පිවිතුරු.

ප්‍රතිමූර්තියේ සිහින,
          ජිවිතය සිහින සමග කෙළියකි,
මෙලොව ආකර්ශණීයයි,
          මෙලොව රිදියෙන් වන්නේය!

1895.
වලේරි බෘසොෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments:

  1. you are mostly welcome.. Felix

    Hope we could take a good use of your knowledge..

    කරුණාකාර බ්ලොගර් ෆලෝවර ගැජට්ටුව දමන්න..

    ReplyDelete
    Replies
    1. බ්ලෝගර් ෆලෝවර ගැජට්ටුව දමන්න මට පැහැදිළි කරන්න.

      Delete