Thursday, May 5, 2016

කවියා





කවියා දුක්බරිත හා කුරිරු,
අසරණයා, පීඩිතයි දිළිඳුකමින්,
නිරපරාදේ නිස්සාර විලංගු,
සිඳලන්න ආත්මයෙන් පතන්න නුඹ.


නිස්සාරයි නුඔ අශාකරන තුච්ඡත්වයෙන්,
තම අවාසනාව ජයගැනීම.
හා, පැහැපත් ලාලසාව වෙත නැමුණු,
කැමතිද නුඔ විශ්වාස කිරිමට හා ආදරය කිරීමට.


උවමනාය තවත්වරක් දූෂ්‍ය නොවන්නට,
ප්‍රභාසම්පන්න සිතුවිලි හා සිහින මුහුර්තයේ,
හා බලකරනවා සිහින අමතක කිරීමට,
හා කටුක කදුළු වෙත කැටුව යනවා.


කවදද සන්තාපයෙන් අඩපන,
අමතකයි අසාර දැඩි ශ්‍රමය,
මිය යාවි නුඹ කුසගින්නේ - කුසුමින්
නුඹේ සෙහොන් කුරුසිය කරගසා ගෙනෙවි ඔවුන්.


ඉවාන් බුනින්,
1886.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment