Friday, May 13, 2016

මගේ සිහින.




මගේ සිහින සැබැකිරීමට, දුරසිට
කොහේද ඇසෙන්නේ අදෝනාව හා ඉකිබිඳීම.
වෙනත් අයෙක් බෙදාගන්නේය ශෝකය
දුකෙන් පෙළීම බැරෑරුම් සන්තාපයකි.

එහි මට හැකිය සොයාගැනිමට මාවම.
ජීවිතයේ අහ්ලාදය උත්ථානයයි.
හා එහි විසංවාදි ඉරණම,
රිසි සේ සොයමි ජීවන සුසුම.


1912,
සෙර්ගේයි යෙසීනින්,
රස්තොෆ් නා දනූ.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

2 comments: