Tuesday, May 3, 2016

අනිද්‍රාවකයා





කාලය ඒකාකාරී අරගලයක,
බලවත් වේදනාවකින් යුත් රාත්‍රියේ වෘත්තාන්තයකි!
බස සියල්ලන් සඳහා සමසේ ආගන්තුකය
හා නිර්මල සැමටම, හෘදසාක්ෂිය සේය!

කවරෙක්ද සාංකාවෙන් තොර සවන් යොමුකලේ අප වෙතින්,
අතරින් දියත නිහඬවෙමින්,
බිහිරි කාලය බාධකයකි,
අනාගතවතෘ - සමුදෙන හඬ?

පෙනෙන්නේය අපට: අනාගත ලොව
වැළැක්විය නොහැකි පව්ව ඉක්මවා යන්නේය
අපි හා සටනේ, සකල සොබාදම
අත්හල අප මත තමන් විසින්ම.

අපගේ දිවිය අප ඉදිරියේය.
හොල්මනක් සේ ලොව කෙළවරේ
අපගේ සියවසෙන් හා මිතුරන්ගෙන්
සුදුමැළිවන්නේය සහන් එළිය ඈත....

හා නැවුම්, තුරුණු පෙළපත
අතරේදී හිරු පිබිදෙන,
අපි, මිතුරන්, හා අපගේ හෝරාව,
පෙරදි විස්මෘතිය ලිහිටි!



ඇතැම්විට අතරින් පතර, පිළිවෙත දුක්බර
උනන්දු වෙමින් මැදියම් යාමයේ,
මෘතශරිරාගාරික යකඩ ස්වරය
විටෙක කදුළු නැගෙන්නේය අප දෙනතට.

1829.
ෆියෝදර් ත්‍යුත්චෙෆ්.
රුසියන් බසින් සිංහල,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment