Thursday, May 5, 2016

කතිකාව





ඉඩ හරින්න රංචුවට හංවඩුගැසීමට අවඥාවෙන්
අපගේ නොඅනුමාන බැඳීම,
ඉඩ හරින්න පෘථග්ජනයින් හට පූර්ව විනිශ්චයන් වෙත
නුඹ අහිමි කරගත්තේය කුළ බැඳීම්.

නමුත් මිහිතලයේ දේව ප්‍රතිමා ඉදිරියේ
නොනමමි මා මාගේ දෙදන;
සේම නුඹ, නොදනිමි එහි වංහුං
දැඩි නොවන කුඩුකේඩුකම, නොවන ආදරය.

සේම නුඹ,කැරකෙමි පරිහාස ගාලගෝට්ටියේ,
කවරෙකුවත් වෙන් නොකරමින්:
සමව වෙන්කරමි ඥානවන්තයින් හා අඥාවයින්,
වෙසෙමි තම හදවත උදෙසා.

මිහිතලයේ සංතෘෂ්ටිය අගය නොකරමු,
ජනයා ඇබ්බැහිවන්නෝය ඇගයිමට අපි;
පරිකල්පනය කරගන්න අපි දෙදෙනා වෙනස් නොවන්නෙමු,
එහෙත් වෙනස් වීමට අපට නොහැක්කේය.

රංචුවවේදී අපි හඳුනාගත්තෙමු එකිනෙකා,
එක්තැන් වන්නේය හා වෙන්වන්නෙමු අපි.
පැවතියේය සන්තෘෂ්ටියෙන් තොර ආදරය,
වන්නේය විප්‍රයෝගය ශෝකයෙන් තොරව.

1841.
මිහායෙල් ලෙර්මන්තෝෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment