Tuesday, May 3, 2016

අතීතයේදී




නුඹ, හැරයාමේ  තිර වදනක් නොදුන්නාය.
කම්පිත නලංගුවූ බැල්මෙන් නිමග්නව,
ටක්කෙටම පියනැගුවාය නුඹ දුක්කප්‍රාප්තියෙන් දේව මන්දීරය වෙත,
නිරුවත් නින්දාව අමතක වූවාය.

සදාතනික පරිසමාප්ත සියළු ශෝක,
හේත්තු වී නුඹ ටැඹ වෙත නිහඬවම,
පලාලෙන් නුඹට ඔටුනු පළන්,
ලලාටය මත හංවඩු ගැසුවෝය.

පසුව උපද්‍රව සමග සිනාසුනෝය.
එය ළදරු සිරුරකී වද දෙන.
සකළ රුහිරුම ගහලයා විසින් ඔසවා,
“ මම ආදරය කරමි “ ඔබ පැවසීමට ආශා කළාය.

1894 නොවැම්බර් 03,
වාලේරී බ්රූසොෆ්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු,
2015 නොවැම්බර් 10.

No comments:

Post a Comment