Friday, May 6, 2016

මාර්කෝ අරඹයා පුරාවෘත්තය




වන අරණේ නදිය මත සුරඟනක් විසුවාය.
නිතර නිතර ඇය නදියේ කිමිඳුනාය.
නමුත් වතාවක් අවදානම අමතක වූවාසේය.
මත්ස්‍ය දැලට අසුවුනාය.
මසුන් මරන්නෝ ඇයව බියටපත් කළෝය.
නමුත් ඔවුන් සමග මාර්කෝ නම් තරුණයා විය.
ඩැහැගත්තේය ඔහු රූමත් - සුරඟන.
උණුසුම්ව ඇයව සිපගැනීමට වූයේය.
සුරඟන නැමෙන ඉත්තක් සේය.
අති ප්‍රභල දෑත් මත වෙළුනාය.
මාර්කෝගේ දෑස් තුලට එබී බැළුවාය.
නිහඬවම කුමකටදෝ සිනාසුනාය.
දවසම ඇය මාර්කෝව සුරතල් කළාය.
රෑ බෝ වූවා යන්තමට.
අතුරුදන් වූවාය ප්‍රීතිමත් සුරඟන.
මාර්කෝගේ ආත්මය ශෝකාකූල වන්නට විය.
දිවා, රාත්‍රියේ මාර්කෝ සැරිසැරුවේය.
වන අරණේ නදිය මත “දුනායි“.
සොයන්නේය, වැළපෙන්නේය; “ කොහේද සුරඟන “.

රළ සිනාසුනෝය; “ නොදනිමු“.
එවිට බෙරිහන් දුන්නේය ඔවුන්ට: “ මුසා දොඩන්නෝ
ඔබලා ඇයව නොසළකා හරිනවා.“
තරුණයා අනුවණ පැන්නේය.
“ දුනායි “ තුලට, තම සුරඟන සෙවීමට.
කිමි‍දෙන්නේය සුරඟන “ දුනායි “ හී,
පෙර සේ මාර්කෝ මුණගැසිමට පෙරාතුව කිමිදුනේය.
එහෙත් මාර්කෝ තවම නැත. එහෙත් සියල්ල එසේමය.
මාරකෝ ගැන කෙසේ නමුත්, ගීතය රැඳුනේය.
ඔබලා මිහිමත රිසිසේ ජීවත්වන්නෝය.
කණ ගැඩවිලන් සේ ජීවත්වූහ.
සුරංගනා කථා නොවන, ඔබ අරභයා කථා නොකියන්නෝය.
ගීත නොවන, ඔබ අරභයා රුචියෙන් නොගයන්නෝය.

1903.
මක්සිම් ගෝර්කි.
රුසියන් බසින් සිංහල බසට.
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment