Sunday, May 15, 2016

මාරුතය.



නිර්ව්‍යාජව ජීවත් නොවෙමි මම,
චංචල සිහින වලට ආදරය කරමි මම,
දවාලන හිරු කාන්තියෙන්,
තෙත්බර සඳුගේ දීප්තියෙන්.

ජීවත් නොවෙමි මම නිර්ව්‍යාජව,
තත්වැයි ඉඟියකට කන් යොමමි මම,
මලකින් හා රුකකින් බියකරු,
මුහුදු රලේ පුරාවතින්.

තිර පැතුමින් නොබිනිය හැකි,
බොඳ අනාගතයක ජීවත් වෙමි මම,
මීදුමින්බර අරුණෝදයේ සුසුම්ලමි,
ගොම්මනේදී ඉපිලෙමි සරුවට.

නිරන්තර අනපේක්ෂිත ප්‍රීතියේ,
සිපගත්තේය බියසුළු කොළ අතු,
ජීවත්වෙමි නිර්දය පළායාමේ මම,
ජීවත්වෙමි ගිජු සාංකාවේ මම.

1895 දී,
කොන්ස්තනිතීන් බල්මොන්ත්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment