Thursday, May 12, 2016

බර්ච් ගස.





ඔදාත බර්ච් ගස
මගේ කවුළුවට පහලින්
හිමෙන් එතුනු,
ටක්කෙටම රිදියෙන්.

බෙදුනු පෙඳ රිකිළි මත
හිම දාරය අද්දර
දියාරු වේය තෙළිකූර
ඔදාත දාරයෙන්.

හා අගනේය බර්ච් ගස
නිදිබර නිහැඬියාවේ,
හා දැවියන්නේය හිම මල්
රන්වන් දැල්ලේ.

වයිතාලයේ, කසීත,
මගහැරයමින් කැරකෙන,
ඉසින්නේය රිකිළි
කෝඩු රිදියෙන්.

1913.
සිර්ගෙයි යෙසීනින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment