Thursday, May 5, 2016

අහිකුණ්ඨකයෝ


ගහකොළින් ගහන ඉවුරු මත,
නිහඬම සැඳෑ පැයේදී,
කාහලය හා ගීත කූඩාරම් යට,
හා විසිරුණු ගිනිදැල්.

ආයුබෝවේවා ඉසුරුමත් පෙළපත!
දනිමි ඔබගේ ගිනිමැලය;
මා ඒ කාලයේ වී නම්,
කැටුව ගියෙමි කුඩාරමට.

හෙට දින නැඹුල් කිරණින්
වියැකෙන්නේය නිදහස් සළකුණු ඔබගේ,
ඔබ පිටවයන්නේය - එහෙත් ඔබ සමග
ඉවත් නොවන්නේය ඔබගේ කිවියා.

ඔහු පාදඩ නිශාචරයෙකි
හා ලාදුරු ඉපැරණි
අමතක කරන්නේය පිටිසර සංත්‍රෂ්ටිය
හා නිවස්නේ නිහැඬියාව.

1830.
අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment