Monday, May 9, 2016

සුරදූතයා.



ද්වාර තුල ඒදන් උයනේ සුරදූතයා සුකොමාල
කුඩුම්බිය කොරගසමින් බැබළුනේය,
යක්ෂයා අන්ධකාරය හා දුර්දමය
තෙරක් නොපෙනෙන නිරය මතින් පියඹා ගියේය.

ආත්මය නිශේධනීයයි, ආත්මය සන්දේහනීයයි
ආත්මය මත සුපිරිසිඳුව බැළුවෙමි
හා දාහය නිරුත්සාහක දයාව
මුඛ්‍යව බොඳව තේරුම් ගත්තේමි.

“ සමාවන්න, - ඔහු ගඟකි, - නුඹව මම දුටුවෙමි,
හා නුඹ හේතු රහිතව මට එළිය දුන්නේය:
නොවේ සියල්ලම මම නැඹේ පිළිකුල් කලෙමි,
නොවේ සියල්ලම මම ලොවේ නිග්‍රහ කලෙමි “.

1827.
අලෙක්සාන්දර් සිර්ගේවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

No comments:

Post a Comment