Monday, May 30, 2016

චින්ගීස් අයිත්මාතෆ් හා ගුරු ගීතය. 1 කොටස

බ්ලොග් අඩවි කීපයක චින්ගීස් අයිත්මාතෆ්, දුයිෂෙන් හා ගුරු ගීතය පොත පිළිබඳව සඳහන් කල හෙයින් පරිවර්ථන වලට පමණක් සීමා වන්නට සිතූ මම අවශ්‍යතාවය අනුව යම් යම් සටහන් තැබිමටද ආරම්භ කරමි.

        දැදිගම වී. රොද්‍රිගු මහතා විසින් රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය කල “ ගරු ගීතය “ නම් වූ නව කතාව චින්ගීස් අයිත්මාතෆ් විසින් ලියු බව ඔබ කවුරුත් දන්නා කරුණකි. එහි රුසියානු නම “ පියෙර්වි උචීතිල් “ වේ.

රුසියානු භාෂාවෙන් ගුරුවරයා හඳුන්වන වදන් දෙකකි.

1.   උචීතිල්

2.   ප්‍රිපදවාතිල්


“ උචිතිල් “ යන වචනය  “ උචිත් “ යන ක්‍රියා පදය හා බැඳේ. උචිත් යන්නෙහි අර්ථය වන්නේ යම් දෙයක් ගොඩනැගීම සඳහා ඉගැන්වීම හෝ පුහුණු කිරිමයි. ඒ අනුව “ උචිතිල් “ යනු යම් දෙයක් ගොඩනැගීම සඳහා උගන්වන හෝ පුහුණු කරන පුද්ගලයා වේ.


“ ප්‍රිපදවාතිල් “ යන වචනය “ ප්‍රිපදවාත් “ යන ක්‍රියා පදය හා බැඳේ. එහි තේරුම වන්නේ මනාලෙස ලබාදීම යනුවෙනි. ඒ අනුව ප්‍රිපදවාතිල් යනු මනාලෙස ලබාදෙන්නාය. කුමක්ද? දැනුම.

තවද  “ උචිතිල් “ වරු සෝවියට් හා රුසියානු ප්‍රාථමික හා කණිෂ්ඨ පාසල් වල සිටින ගුරුවරු පිරිසකි. “ ප්‍රිපදවාතිල් “ වරු ජේෂ්ඨ පාසැල්වල, විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබා දෙන ගුරුවරු පිරිසකී.
ඒ අනුව කුඩා අල්තීනායිට දුයිෂෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උචීතිල් කෙනෙක් වූයේය. මන්ද දුයිෂෙන් ඇයට ජීවිතය ගොඩනගා ගැනීමට ඉගැන්වූ නිසාවෙනි.

තවද පියෙර්වී උචිතිල් යනු වෙන් අදහස් වන්නේ “ මුල් ගුරුතුමා “ ලෙස වේ.

සටහන - ෆීලික්ස් ප්‍රනාන්දු.

10 comments:

  1. දැන් මටත් ලියන්න වෙලා ඒක ගැන :)

    ReplyDelete
    Replies
    1. නියමයි. අළුත් යමක් එකතු කරමු.

      Delete
  2. හොඳයි ෆීලික්ස්. පරිවර්තන හරහා ඔබත් අපත් රසයක් විඳිනා අතරම මෙවන් සටහන් තුලින් ඔබ දැණුමද එකතු කරයි.

    ReplyDelete
  3. මගේ උත්හසය අවශ්‍යතාවය අනුව කටයුතු කිරීමයි. මම මේ සටහන තැබුවේ මෙම කතාවේ මූලික පසුබිම කුමක්ද? යන්න පැහැදිලි කිරීමයි.

    ReplyDelete