Friday, May 6, 2016

පෙම්වතියේ







ඇලෙක්සාන්දර් සිර්ගෙවිච් පුෂ්කින්

පෙම්වතියේ
( මා මනසේ ඇඳේ ඒ ආශ්චර්යවත් මෙහොත )

මා මනසේ ඇඳේ ඒ ආශ්චර්යවත් මෙහොත,
ඔබ මා ඉදිරියේ ප්‍රභාවත් විය,
අසුරු සැනින් වන් දසුනක් මෙන්,
නොඉඳුල් සුන්දරත්වයේ දෙවඟනක් මෙන්,

සැනසුම් සුසුමෙහි අනපේක්ෂිත දොම්නසේ,
කැළඹිමෙහි නිෂ්ඵල දෝංකාරයේ,
සවනේ වැකුනි ඔබ මුදු මොලොක් හඬ බොහෝ කල්,
සිහිනයක් විය චමත්කාර රූ සපුව,

වසර ගෙවී ගියේය,
දුර්දව චණ්ඩ මාරුතය,
සී සී කඩ හැරීය පෙර සිහින,
වියැකි ගියේය ඔබ මුදු මොලාක් හඬ,
ඔබගේ නබෝගත රූ සපුව.

අන්ධකාර ඝන වනයේ අඩස්සී වී සිට,
ඇදී ගියේය නිහඩවම දින,
දේවත්වයෙන් තොර,
ජීවන සුසුමින් තොර,
කඳුලින් තොර,
ජීවයෙන් තොර,
ආලයෙන් තොර.

හදවත ප්‍රබෝධමත් විය,
නැවත ප්‍රභාවත් විය ඔබ,
අසුරු සැනින් වන් දසුනක් මෙන්,
නොඉඳුල් සුන්දරත්වයේ දෙවඟනක් මෙන්.

හදවත ඉමහත් ප්‍රබෝධයෙන් සැලෙන්නට විය,
එයට නැවත ජීවයන් විය,
දේවත්වය, ජීවන සුසුම,
ජීවිතය,
කඳුල හා ආලය.

ඇලෙක්සාන්දර් සිර්ගෙවිච් පුෂ්කින්.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.

1 comment:

  1. ඔබට පුළුවන් නම් අපේ සිංහල භාෂාවේ තියෙන ලස්සන සරල වචන පාවිච්චි කරන්න, එතකොට මේ කවිය තව ටිකක් අපේ රටාවට ලං කරන්න පුළුවන්.

    මේ තියෙන්නේ මගේ පොඩි suggestion එකක්.

    පළවෙනිම පදේ "ආශ්චර්යවත්" වචන වෙනුවට "අසිරිමත්" කියලා ලිව්වානම් තව ටිකක් සිංහල රටාවට ලං වෙනවා.

    සමාවෙන්න, මුල් නිර්මාණය ගැන නම් මගේ කිසිම අධ්‍යනයක් නැහැ.
    ඒ නිසා මුල් නිර්මාණයක් සලකලා බලලා මගේ යෝජනාව ගැලපෙනවා නම් විතරක් සලකල බලන්න.

    ඒ නැතත් කිසිම අඩුවක් නැහැ ඔබේ පරිවර්තනේ.
    මම බොහොම හොඳට රස විඳිනවා..

    ReplyDelete